රජයේ බදු ආදායම බිලියන 100 කින් ඉහලට

increaseමෙම වසරේ පළමු මාස 6 තුළ රාජ්‍ය බදු ආදායම බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි  සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඊයේ (16) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ බව දැනුම් දුන් බවත්, ඒ අනුව දේශිය බදු ආදායම 22%කින්, සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ගයන්ත කරුණාතිලක මහතා පවසා තිබේ.

නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙම බදු ආදායම වැඩි කර ගැනීමට හැකි වී ඇති බව එහිදී අමාත්‍යවරයා පවසන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top