ඉන්දිය ධීවරයන් 77ක් නිදහස් කෙරේ..

ශ්‍රී ලංකා මුහුදු කලාපය උල්ලංඝණය කළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයන්ව මෙලෙස අද දින ඉන්දිය නාවික හමුදාව වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top