ඇවන්ගාඩ් නඩුව මැයි 29 කල්යයි

නීති විරෝධී ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩු කළැයි චෝදනාවට සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකුට එරෙහි නඩුව මැයි 29 දක්වා කල් තැබිණි.

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්‍ධ ඉකුත් නඩුව අද (15) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට එරෙහිව විත්තියේ නීතිඥවරුන් විසින් ලිඛිත විරෝධතා ගොනු කර තිබේ.

ඒ අනුව එම විරෝධතාවන්ට සති දෙකක කාලයක් තුළ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාට නියෝග කර ඇති අතර අදාළ නඩුව යළි මැයි 29 වන දින කැඳවීමට තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top