යාපනයේ වෙරළෙන් කේරළ ගංජා

news_CIයාපනය මරුදන්කේනි, මාමුනෙයි වෙරළ තීරයේ තිබී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

පලෙයි පොලීසිය හා නාවික හමුදා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 25ක් සොයාගෙන ඇති බව පලෙයි පොලීසිය සඳහන් කළේය.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙනවිත් බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ බවට පලෙයි පොලීසිය සැක පළ කරයි.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top