දෙවන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව දෙවන වරටත් අද (16) හොංකොං හීදී ආරම්භ වීමට නියමිතව ඇත.

එම සමුළුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිංගප්පූරුවේදී ආරම්භ වු අතර මෙවර හොංකොං හි රිට්ස් කාල්ටන් හෝටලයේදී පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයින් හා ආසියානු ආයෝජකයින් 200කට අධික පිරිසක් මෙම සාකච්ඡා සදහා සහභාගී වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top