තොරතුරු පනත සහ විගණන පනත මෙරටේ පරිවර්තනීය අවස්ථාවක් – ජනපති

තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මෙරට රාජ්‍ය සේවයේ හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පරිවර්තනීය අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වත්මන් රජයට බලයට පත්වීමෙන් අනතුරුව රටේ දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම රාජ්‍ය සේවය ඇතුළු සියලු ක්ෂේත්‍රවල විනිවිදභාවය සහ විනය ඇති කිරීමට නව නීතිරීති සහ පනත් රැසක් සම්මතකර ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
මෙරට රාජ්‍ය සේවය මෙන්ම සියලු ක්ෂේත්‍ර තුළ ඇති වෙමින් පවතින මෙම වෙනස මහජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය  වූ අංගයක් බව ද ජනාධිපපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top