චෝදනා ලැබූ නිළධාරීන්ව පොදු කටයුතුවලින් ඉවත් කරන්න.. – යස්මින් සූකා

වදහිංසාව සහ අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් විභාග කොමිසම් හා එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් චෝදනා එල්ලවූ නිළධාරීන්ව පොදු සේවා කටයුතුවලින් ඉවත් කරන ලෙස ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය සඳහා වූ සංවිධානය ඉල්ලා තිබේ.

ඉකුත් සංවිධානය විසින් ඊයේ දින නිකුත් කළ නිවේදනයකදි මේ බව සඳහන් කර තිබේ.

තවද 2007 සිට 2009 දක්වා වන්නි දිස්ත්‍රික්ක හමුදා ආඥාපති ලෙස කටයුතු කළ අවස්ථාවේ ජෝසෆ් කඳවුර නමින් වදකාගාරයක් පවත්වාගෙන ගිය දැනට බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටින ජගත් ජයසූරිය සහ 4වැනි මහලේ වදහිංසා අංශයට භාරව කටයුතු කළ දැනට අපරාධ විමර්ශණ අංශයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටින සිසිර මෙන්ඩිස් යන දෙදෙනාව මෙලෙස තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා තිබේ.

දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය සඳහා වූ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ලෙස යාස්මින් සූකා කටයුතු කිරීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top