අපේ ඉඩම් අපට ඕනේ!! මුල්ලතිව් දිස්ත්‍රික්කයේ වෙනස් නොවූ දර්ශන..

මෙම ඡායාරූපය පසුගිය වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී ගන්නා ලදි. මුල්ලතිව් දිස්ත්‍රික්කයේ හමුදා ඉඩම් ආක්‍රමණයට එරෙහි විරෝධතා උණුසුම් වී ඇත. වසරකට පෙර ගත් ඡායාරූප දර්ශනය අදටත් වෙනස් නොවී තිබේ. පුදුකුඩුඉරුප්පු හමුදා කඳවුර වටලා රැස්වූ ජනතාව තම ඉඩම් තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා විරෝධතාවෙහි නිරතවූහ.

හමුදා කඳවුර වටලා කළ විරෝධතාවල මෙය වැදගත් සිඳුවීමකි. මෙම ජනතාව වසරකට පසු මෙම මස 4වනදා තම ඉඩම් නිදහස් කරගැනීම විශේෂත්වයකි. තවඳුරටත් හමුදා කඳවුරු ඉදිරිපිට තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා ජනතාව විසින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයන් මුල්ලතිව් දිස්ත්‍රික්කයේ වෙනස් නොවූ දර්ශනයක් බවට පත්වී තිබීම තුළින් බොහෝ දෑ පවසයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top