කියුබානු තානාපතිනි සහ ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්..

ශ්‍රී ලංකාවේ කියුබානු නව තානාපතිනි ජුආනා එලීනා රාමොස් රොද්‍රිගූ (Juana Elena Ramos Rodriguez) මහත්මිය සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමු විය.

එහිදී ශ්‍රී ලංකාව හා කියුබාවට බලපාන ජාතික හා සංස්කෘතික කටයුතු වර්ධනය කිරීමේ වැඩපිළිවළ පිළිබඳ මෙන්ම අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සුහදව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතා මහතාද සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top