කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් අද යළි විවෘතයි..

ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ත්‍රීකුණාමලය කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් අද (20) යළී විවෘත කර තිබේ.

සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය පැතිරයාම නිසා වසා දැමුණු ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් වසා දමා තිබුණි. මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පාසල් ළමුන් තිදෙනෙකු මියගොස් තවත් සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

පාසල් වසා දැමුණු දින තුන වෙනුවෙන් සෙනසුරාදා දිනයන්හිදී ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසට උපසේ දී ඇති බව ද වාර්තාවේ.

මේ අතර, කින්නියා ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000ක් වාර්තා වී ඇති බවත්, මෙම වසරේ ගත වූ කාලය තුළ දිවයිනපුරා ඩෙංගු රෝගීන් 22,000කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top