රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පකිස්ථානයේ කරච්චි නුවර සිට ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණි මෙම සැකකරුගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් ග්රෑම් 678ක් සොයාගෙන තිබෙන අතර, අත්අඩංගුවට පත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.