ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

කූඨ ලේඛන සැකසීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාලව ජූලි මස 17 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අද සිතාසි නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ පැමිණිලිකරුවන් වන ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස යළි සිතාසි නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරචිචි මහතා, එම නඩුව ජූලි මස 17 වන දින සිට 28 වනදා දක්වා දිනපතා විභාග කිරීමට ද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top