ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය විනිවිද භාවයකින් යුතුව තිබිය යුතුයි – මොනිකා පින්ඩෝ

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය විනිවිද භාවයකින් යුතුව තිබිය යුතු බව ස්වාධීන විනිසුරුවරුන් සහ නිතීඥවරුන් සඳහා වූ එක්සත් ජාතීන් සංවිධානයේ විශේෂ නියෝජිත මොනිකා පින්ඩෝ මහත්මිය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදී ඇති විශේෂ වාර්තාවෙහි ඇය මේ බව සඳහන් කර තිබේ.

මොනිකා පින්ඩෝ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සංචාරය කර තිබීම විශේෂත්වයකි. අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා පියවර ගත යුතු බවත්, Latimer House ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු අතර, අධිකරණයේ විශ්වාසනීය භාවය නඟ සිටුවීම අනිවාර්‍ය බව ඉකුත් වාර්තාව මඟින් ඇය පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top