ඉන්දිය රජය විසින් ජල බවුසර් 8ක් පරිත්‍ය්‍යාග කරයි..

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සඳහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් එම ජල බවුසර්වලට අදාළ ලියකියවිලි සහ යතුරු සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සිදුකළ මෙම පරිත්‍යාගය පිළිබඳ ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී ඉන්දීය රජය වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top