අල්ලස්, දූෂණට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි – ඉරාන් වික්‍රමරත්න

අල්ලස දූෂණ චෝදනා විමසා තීරණ ලබාදෙන අල්ලස, දූෂණයට එරෙහිව ක්‍රියාකරන විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අද (22)පාර්ලිමේන්තුවේ දී පැවැති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව විවාදයට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

අල්ලස් දූෂණ චෝදනා සම්බන්‍ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමෙන් අදාළ චෝදනා සම්බන්‍ධයෙන් කඩිනමින් විභාග කර තීන්දුවක් ලබාදිය හැකි බවත්, අධිකරණ කටයුතු ප්‍රමාද වීමෙන් අපරාධ නොකර චෝදනවලට ලක් වූ පුද්ගලයන් අපහසුතාවයට පත්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top