අතුරුදන්වූවන් කාර්‍යාලය කිලිනොච්චිය හෝ මුල්ලතීව්වල විවෘත කළ යුතුයි..

kili missing_CIරජය විසින් පිහිටුවීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්‍යාලය කිලිනොච්චිය හෝ මුල්ලතීව්වල විවෘත කළ යුතු යැයි ඉල්ලා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් එක්වී අද (18) දින පෙරවරුවේ පාගමනක් පවත්වා තිබුණි.

කිලිනොච්චිය කරඩිපෝක්කු හංදියේ සිට අතුරුදන්වූවන්ගේ ඡායාරූප සහ පෝස්ටර් රැගෙන ආරම්භ වූ එම පාගමන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී දරන් මහතාගේ කාර්‍යාලය දක්වා පැමිණ එහිදී ජනාධිපති වෙත භාරදීම සඳහා සංදේශයක් ද භාරදුන්හ.

විපක්‍ෂ නායක සිරකරුවන්ට ලබාදුන් පොරොන්දුව කෝ? අතුරුදන්වූවන්ගේ කාර්‍යාලය කොළඹදී අවශ්‍ය නැහැ, කිලිනොච්චිය හෝ මුල්ලතීව්වල විවෘත කළ යුතුයි, දරුවන් සිරකඳවුරුවල දුක් විදින විට සංහිඳියාව බිහිවන්නේ කෙසේද? සංහිඳියාවේ පළමු පියවර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමය, ජ.වි.පි. ජෙනීවන්ට පොදු සමාව අපේ දරුවන්ට කිසිවක් නැද්ද? යන සටන් පාඨ රැගෙන අතුරුදන්වූවන්ගේ ඥාතීන් පාගමනේ නිරතවූහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top