ජනපති අද රුසියානු ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරයන නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) දින රුසියානු ජනාධිපති විලාඩිමිර් පුටින් මහතා හමුවීමට නියමිතය.

අද(23) දහවල් මොස්කවු නගරයේ ක්‍රෙමිරින් මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත්, එහිදී ආර්ථික, වෙළෙඳ, දේශපාලනික හා සංස්කෘතික සබඳතා ශක්තිමක් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව ද පැවැසේ.

වසර 43කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top