බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල ත්‍රස්ත ප්‍රහාරයෙන් 5 දෙනෙක් මරුට – 40කට තුවාලයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 5 දෙනෙකු මියගොස් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. ප්‍රහාරය සිදු කළ පුද්ගලයා ආරක්‍ෂක අංශයේ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී ජනතාව අනතුරට පත්කරමින් වාහනයක් පදවාගෙනෙ පැමිණ තිබේ. අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්‍ධ යැයි සැකකරන පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට සැක පළ කර තිබේ.

සිද්ධියෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව සංකීර්ණය අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top