අධික ශබ්දයක් සහිත ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළේයැයි චෝදනා ලැබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින් අද රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කර තිබේ.
හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.
අදාළ නඩු විභාගය ලබන අප්‍රේල් මස පස් වැනිදාට කල් තබා ඇත.