කිලිනොච්චිය නෙත්තලියාරු ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ..

කිලිනොච්චිය නෙත්තලියාරු ප්‍රදේශයේ පොහොර උරයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. දර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඉකුත් පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇති බව පැවැසේ.

දර්මපුරම් පොලීසිය විසින් සොයාගත් ඉකුත් පුපුරණ ද්‍රව්‍ය තිබූ ප්‍රදේශය පුදුකුඩිඉරුප්පු පොලිස් වසමට අයත් ප්‍රදේශයක් බැවින් වැඩිදුර විමර්ශණ කටයුතු පුදුකුඩිඉරුප්පු පොලිසිය වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top