2016 අ.පො.ස(සා/පෙ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

2016 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ (නව/පැරණි) විභාගයේ ප්‍ර‍තිඵල අද (28) නිකුත් කළ අතර දිවයිනෙන් විශිෂ්ට ප්‍ර‍තිඵල ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. ඒ අනුව සියලුම ප්‍රතිඵල doenets.lk වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැක.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුහු ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් පෙනී සිටි අතර විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටළුක් වෙතොත් 1911ට ඇමතීමෙන් තොරතුරු ලබා ගැත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවත් අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිත බවද පැවැසේ.

මෙවර විභාගයෙන් දිවයිනේ පළමුවන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාව වන අතර දෙවන ස්ථානය සිටිනුයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහ ශිෂ්‍යාව හිමිකර ගෙන තිබේ. තෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සිසුවා හිමිකර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top