ශ්‍රී ල.නි.ප මැයි රැළිය මහනුවරදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඊයේ (28) කොළඹ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙවර මැයි රැළියට සියලු වෘත්තීය සමිති හා ජනතා සංවිධාන රැසක් එකතුවීමට නියමිත බව ද ජනතාවට ද ඒ සඳහා එකතුවන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ජනතාවාදී ගමනකට ජාතික ආශිර්වාදයක් ලැබී තිබෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top