පරිපූරක වෛද්‍යවරු වැඩවර්ජනයක්

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 5ක සාමාජිකයින් අද පෙරවරු 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවත්, ඖෂධවේදීන්, විකිරණ ශීල්පීන්, චිකිත්සකවේදීන් සහ රසායානාගාර ශීල්පීන් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයින් මෙම වැඩවර්ජනයට එක්වී ඇති බවද පැවැසේ.

තම ඉල්ලීම් සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙලෙස වැඩ වර්ජනයකට එළෙඹූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති, අජිත්. පී. තිලකරත්න මහතා පවසයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top