යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවය අවසන්..

සිසුන්ගේ අනාගතය ගැන සලකා බලා පංති තහනමට ලක්වූ සිසුන්ට පොදු සමාව ලබා දෙන බව යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිසුන් විසින් පවත්වාගෙන ගිය විරෝධතාවය අවසන් කර තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ඉල්ලීම් පහක් මුල්කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා දින සිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. පසුගිය සතියේ නව සිසුන් පිළිගැනීමේ උත්සවයකදී සිසුන් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්වය සම්බන්‍ධයෙන් කලා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 13 දෙනෙකුට විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පංති තහනමක් පනවා තිබූ අතර, කලා පීඨ ශිෂ්‍ය සංගමය ද විසුරුවා හැරුණු බව ප්‍රකාශ කර තිබුණි.

විශ්ව විද්‍යාලයේ එම ක්‍රියා කටයුත්තට විරෝධය පළ කරමින් සිසුන් මෙලෙස විරෝධතාවයක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top