පානීය ජල බෝතල් සම්බන්ධයෙන් නව නීති පද්ධතියක්

plastic_water_bottles-01මෙරට අලෙවි කෙරෙන පානීය ජල බෝතල් සම්බන්ධයෙන් නව නීති පද්ධතියක් හදුන්වාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි.

ඒ අනුව ලබන සැපැතැම්බර් මස පළමු වැනිදා සිට, එස්.එල්.එස් ප්‍රමිති සහතිකය නොමැති පානීය ජල බෝතල් ඇසිරීම, බෙදාහැරීම, ප‍්‍රවාහනය, ගබඩා කිරීම මෙන්ම අලෙවි කිරීම තහනම් කර ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

අදාළ නීතිය 2015 ජුනි මස 11 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රසිද්ධ කර ඇති බවත් මෙම නීතියට පටහැනිය කටයුතු කරන වෙළධ ආයතන සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top