ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරඟය ඊයේ (01) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම ඕවර 44.3 කදී ලකුණු 210 කට දැවී ගියේය. තරගාවලියේ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර දෙවැනි තරගය වර්ෂාව නිසා අතරමගදී අතහැර දමන ලදි.

තරගයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය තිසර පෙරේරා දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනා ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top