විමල් වීරවංශගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්‍ෂේප කරයි..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රෙත් අධිකරණය අද යළි ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස මහතා, තම දියණිය රෝහල් ගත කිරිම සුවිශේෂී කරුණක් ලෙස සළකා තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය 23 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කර තිබූ අතර එය අද (03) කැඳවූ අවස්ථාවේදී එම ඇප ඉල්ලීම ප්‍රත්ක්ෂේප කර තිබේ.

දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සනාථ කිරීම සඳහා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම පිළිබඳ අවධානය යොමු කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.

කෙසේ නමුත් නඩුවට අදාළව විත්තියේ නීතිඥවරුන් විසින් විශේෂ අයදුමක් කිරිමට නියමිත බවත් එම නඩුව යළි කැඳවීමට නියමිත බව ද වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top