උතුර මහ ඇමැති යුරෝපා සංගමය සමඟ එක්වී කටයුතු කිරීමට තීරණය කරයි..

ඉදිරියේදී යුරෝපා සංගමය සමඟ එක්වී කටයුතු කිරීමට තීරණය කර ඇති බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

යාපනයේ සංචාරයක නිරතවූ යුරෝපා සංගමයේ ප්‍රධානි (Paul Godfrey ) මහතා අද සඳුදා දින උතුරු පළාත් මහ ඇමැතිවරයාව ඔහුගේ නිල නිවසේදී හමුවී සාකච්ඡා කර තිබේ.

ඉකුත් සාකච්ඡා හමුව සම්බන්‍ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

උතුරු පළාත් සභාව සහ යුරෝපා සංගමය අවබෝධාත්මක කටයුතු කළ හැකි ආකාරය හා ජනතාවගේ අවශ්‍යතාවයන් ගැනද යුරෝපා සංගමයේ ප්රධාන නිලධාරිවරයා සොයා බලා තිබේ. පසුගිය කාලයේ උතුරු පළාතයෙහි ආරම්භ කළ වැඩසටහන් අප සමඟ සාකච්ඡා නොකර ක්‍රියාත්මක කිරීම ගැන එහිදී පෙන්වාදුන් බව මහ ඇමැතිවරයා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top