ඉන්දිය වෙරළාරක්‍ෂක බළකායට අයත් නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘ශූර්’ නැමැති නෞකාව අද (4) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පරීක්ෂක ජෙනරාල්, කපිතාන් එස්එස් ඩසීලා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

නෞකාව දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළ පුහුණු වැඩසටහන් කීපයකට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය. තවද, නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමඟ සුහද ක්‍රීඩා තරඟ කිහිපයකට ද ඔවුන් සහභාගී වනු ඇත. එම නෞකාව අප්‍රේල් මස 8 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top