මුදල් ඇමැති සහ මලයාසියානු අගමැති අතර හමුවක්

දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව පසුගිය 3 වැනි දා  ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වූ අතකර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ඊට සහභාගි විය.

සාක් කලාපයේ රටවල ආර්ථික කටයුතුවලට අදාළ කරුණු රැසක් මෙම සමුළුවේ දී අවධානයට යොමු  කළ අතර එමෙන් ම, කලාපයේ ආර්ථික සංවර්ධන කටයුතුවල දී එල්ල වන අභියෝග හා ඊට විසඳුම් ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.

සමුළුව අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර හමුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතින බවත් එය ඉතා ගුණාත්මක වාතාවරණයක් බවත් මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top