නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි – රවූෆ් හකීම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඉල්ලා තිබේ.

රට තුළ පවතින ගැටළු විසදීමට ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට අනිවාර්යයෙන් ජනමත විචාරණයක් ද සිදු කළ යුතු බවද හෙතෙම පවසා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට මීට පෙරදී සහතික වී ඇති බවත්, එය ඉටුකිරීම වගකීමක් වන අතර, අර්ථවත් ලෙස බලය බෙදාදිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top