පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට

නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට. ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සඳහා ජනාධිපතිවරයා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවය.

ඒ අනුව ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු අති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top