පේරාදෙණියේ නවක වද දුන් සිසුන් යළිත් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු නවක වදයට ලක් කිරීමේ සිද්ධිේ සැකකාර සිසුන් 15 දෙනා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11දා) නියෝග කර තිබේ.

සැකකාර සිසුන් නව සිසුන්ව විශ්වවිද්‍යාල භූමියෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස නවකවදය ලබාදෙමින් සිටියදී ඉකුත් පෙබරවාරි මස 19 දා රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම සිසුන් පසුගිය පෙබරවාරි මස 20 දින සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන්ව මෙම මස 24 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top