උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවෝ වැඩවර්ජනයක

ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් දැනට ක‍්‍රියාත්මක වන රුපියල් 7,500ක දීමනාව ඉහළ දමන ලෙසත් උත්සව හෝ රක්ෂණ දීමනා, අර්ථසාධක දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගණිමින් උතුරු අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවෝ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අමාත්‍යවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඔවූහු කියති.

තමන් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවයේ යොදවා තිබීමෙන් ගැටළුවලට මුහුණ දෙන බවත් තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කරන ලෙසත් ඔවූහු ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top