ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ දී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුගම්පල දෙසට ධාවනය වූ ජීප් රථයකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණවලදී ලැබුණ තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ටී පනස්හය ගිනිඅවි දෙකක් සමඟ උණ්ඩ පනස්දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top