යාපනය දිස්ත්‍රික්ක භාර නව හමුදා ආඥාපති මහ ඇමැතිවරයා හමුවෙයි..

යාපනය දිස්ත්‍රික්ක භාර නව හමුදා ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජනරාල් හෙට්ටියාරච්චි මහතා, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. මහ ඇමැතිවරයාගේ නිල නිවසේ පැවැති ඉකුත් හමුව සම්බන්‍ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කළ විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ, හමුදා ආඥාපතිවරයා සමඟ යහපත් කරුණු රැසක් සම්බන්‍ධන් සාකච්ඡා කළ බවය..

මෙහි පවතින ප්‍රධාන ගැටළු ගැන ඔහු හොඳින් දැන සිටින බවත්, අවතැන්වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවැත පදිංචි කිරීමට කඩිනමින් පියවර ගන්නා බවට පොරොන්දු වූ බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top