නැවැත පදිංචිය සම්බන්‍ධයෙන් ලබන 24 වනදා විශේෂ රැස්වීමක්..

උතුර, නැගෙනහිර පළාත්වල නැවැත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව ලබන 24 වනදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා මේ බව පැවැසීය.

උතුර, නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් හමුදා භාවිතාව යටතේ තිබෙන හෙයින් ඒ සම්බන්‍ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, එයට උතුර නැගෙනහිර පළාත්වල ත්‍රිවිඩ හමුදා නිළධාරින්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, දිස්ත්‍රික්ක ලේකම්වරුන්, උතුර නැගෙනහිර නියෝජනය කරන මැති ඇමැතිවරුන්, ඇතුළු සියළු දෙනා සහභාගිවීමට නියමිත බව ද පවසා සිටියේය.

මෙම සාකච්ඡාව තුළින් තවත් ප්‍රදේශ කිහිපයක් නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top