දෙමළ ජනතාවගේ ප්රශ්ණවලට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු යැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ. රජය කඩිනමින් විසඳුමක් ලබාදීමට අපොහොසත් වුයේ නම් දෙමළ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමට පත්වනු ඇති බව හෙතෙම පවසා තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පාලනයේදී වෙනසක් සිදු වනු ඇති බවට දෙමළ ජනතාව විශ්වාස කළ බවත්, ඔහු ධූරයට පත්වී මේ වන විට වසර දෙකක කාලයක් ගත වී අැතත් මැතිවරණයේදී පෙරොන්දු වූ අාකාරයට කිසිදු විසදුමක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව සම්බන්ධන් මහතා පෙන්වාදී තිබේ.
පසුගිය රජයේ ප්රතිපත්තියට වඩා වත්මන් රජයේ ප්රතිපත්තිවල වෙනසක් තිබෙන නමුත් දෙමළ ජනතාවට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.