නොරොච්චෝලේ බිද වැටීමෙන් විදුලි සැපයුමට බාධාවක් නැහැ

නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අක්‍රීය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට දින 2ක් පමණ ගත වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසා තිබේ. එහෙත් විදුලිබල සැපයුමට කිසිදු ගැටලුවක් ඇති නොව බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලක්විජය විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීයවීම හේතුවෙන් බදුල්ල , මාතර , මතුගම, අතුරුගිරිය, බෙලිඅත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණි. මේ වන විට එම ප්‍රදේශ සියල්ලේම විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top