විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුමක්..

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂයේ තීරණාත්මක දේශපාලන මණ්ඩල රැස්වීමක් ලබන 19 වන දා පැවැත්වීමට නියමිත බව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

විමල් වීරවංශ මහතා විසින් තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා බන්‍ධනාගාරය තුළ සිට සිදුකළ උපවාසය සහ එය අත්හැරී ආකාරය පක්‍ෂයතුල බහුතරයකගේ විරෝධයට හේතුවක් වී ඇති බව වාර්තාවේ.

එම ක්‍රියාව නිසා පක්‍ෂයට කිසිඳු වාසියක් ලැබී නොමැති බවත්, පක්‍ෂය ජනතාව අතර විහිළුවක් වූ බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු බහුතර සාමාජිකයන්ගේ මතයවී තිබේ. විමල් වීරවංශ මහතා උපවාසය ආරම්භ කිරීමට පෙර සිය පක්‍ෂයේ සාමාජිකයන්ගෙන් සහ පක්‍ෂ නායකයන්ගෙන් අනුමැතියක් හෝ දැනුම් දීමක් සිදුකර නැති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top