මීතොටමුල්ලේ ණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් ස්වාභාවික විපත් සඳහා ලබා ගෙන ඇති රක්ෂණ ක්‍රමය යටතේ ජාතික රක්ෂණ භාර අරමුදල හරහා එම වන්දි මුදල් ගෙවීමට නියමිතය. මෙම රක්ෂණ මුදල ට අමතරව මීතොටමුල්ල විපතට පත්වූවන්ට රජය විසින් ගෙවනු ලබන වන්දිමුදල පිළිබඳව තීරණය ගනු ලැබූ විගස එය සඳහා වන ප්‍රති පාදන භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත කිසිදූ ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top