නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ ධීවරයන් 13ක් අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

පුල්මුඩේ කොඩුව කට්ටුමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තහනම් දැල් භාවිත කරමින් මෙම ධීවරයින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ බව පැවැසේ.

ඩිංගි යාත්‍රා තුනක්, තහනම් මාලු දැලක්, නීති විරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝ ග්‍රෑම් 350ක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් හා ධීවර ආම්පන්න වැඩිදුර පරීක්‍ෂණ සදහා කුච්චවේලි පොලිසියට භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top