පන්නංකන්ඩි ජනතාවගේ විරෝධතාව අදට දින 28යි

කිලිනොච්චිය පන්නංකන්ඩි ප්‍රදේශයේ තමන් පදිංචිව සිටි ඉඩම් යළි තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය අදට දින 28ක් අවසන්වී තිබේ. කිලිනොච්චිය පන්නංකන්ඩි ප්‍රදේශයේ ඉරණමඩු ජනපදය ආරම්භ කිරීමේදී වගා කටයුතු සඳහා පුද්ගලයකුට ලබාදුන් සරස්වතිගමම් ප්‍රදේශයේ පසුගිය 1990 වසරේ සිට ඉඩම් නොමැති පවුල් 120ක් පදිංචිව සිටිති.

මෙවැනි තත්වයකදී නැවැත පදිංචියෙන් පසු ඉඩම් හිමිකම නොමැති හෙයින් ඔවුන්ට නිවාස ව්‍යාපෘතිය ඇතුළු සහනාධාර කිසිවක් ලබා ගැනීමට නොහැකි තත්වයක් පවතින බැවින් පසුගිය දින 28ක් තිස්සේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින ඉකුත් ජනතාවගේ ඉල්ලීම් ගැන දේශපාලකයන් හෝ නිළධාරීන්ට ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්වයක් ද පවතියි.

ඉකුත් ඉඩම්වල හිමිකරුවන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වී එම ඉඩම් ලබාදීමෙන් තොරව එයට විසඳුමක් ලබාදීමට නොහැකි බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top