හැටන් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මරුට

හැටන් පොලිස් වසමට අයත් කුඩුඔය වතුයායේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අවසානයේ දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි.

දීර්ඝ කාලයක සිට පැවත එන ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ජනපදයේම පදිංචි එමි.පුෂ්පරාජ් නැමැති (26) එක්දරු පියෙකි. තුවාල ලැබූ පිරිස නාවලපිටිය මූලික රෝහලට ඇ‍තුලත් කර ඇති අතර, ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් යළි මහනුවර මහ රෝහල වෙත යවා තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top