රටට යහපතක් නම් එයට විරුද්ධ වෙන්නේ නැහැ – මහින්ද රාජපක්‍ෂ

වත්මන් රජය රට වෙනුවෙන් යහපත් දේ සිදුකරන්නේ නම් ඊට විරුද්ධ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථාවල වත්මන් ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුව විවේචනය කිරීමට සිදුවන බවය.

මහනුවර ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top