සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක් දින තරගයෙන් කඩුළු 3 ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (21) සමත් විය.
කාසිය වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක් තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පන්දුවාර 46.5 කදී කඩුලු 3 ක් පඹනක් දැවී ලකුණු 228 ක් ලබා ගනිමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් ලබා ගන්නා ලදී. ජේම්ස් ෆොල්ක්නර් ලකුණු 38 ට කඩුලු 4 ක් දවාගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩිම කඩුළු ලාභියා බවට පත්විය.