යාපනයේ වෛද්‍යවරයෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්..

යාපනය චුන්නාගම්, උඩුවිල් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රීයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් අදාළ වෛද්‍යවරයාගේ පියා පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවත් සිද්ධිය අවස්ථාවේ වෛද්‍යවරයා නිවසේ නොසිටි බව ද වාර්තාවේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, චුන්නාගම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top