චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සමග ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (21) සාකච්ඡාවක් පවත්වා තිබේ.

බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මෙම සකච්ඡාව සිදු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්දයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top