මීතොටමුල්ලේ අවතැන්වූ පවුල්වලට මාසිකව රු. පනස්දාහක්..

මීතොටමුල්ල කසළ කන්ද නායායෑමෙන් නිවාස අහිමිවූවන්ට මාසිකව රු 50000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඊයේ (21) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.

ඒ අනුව කසළ කන්ද ආශ්‍රිත අවදානම් ප්‍රදේශයේ වෙසෙන පවුල් 201 කට වන්දි මුදල් ලබාදී ඉවත් කිරීමටද තීරණය කර ඇත. මීතොටමුල්ලේ දහම්පුර සහ පන්සල්වත්ත ප්‍රදේශයේ ආපදාවට ලක්‌වූවන්ගේ නිවාස ණය කපා හැරීමට එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කළ බව ද හෙතෙම පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top