ඇෆ්ගනිස්ථාන ආරක්‍ෂක ප්‍රධානියා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඇෆ්ගනිස්ථානයට පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්‍ෂක ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති නිල නිවස ආසන්නයේ හමුදා නිලධාරීන් ඉලක්ක කරගෙන එල්ල වූ මෙම ප්‍රහාරයෙන් හමුදා නිලධාරීන් 100කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර සියයකට ආසන්න පිරිසක් තුවාල වුණි.

2001 වසරෙන් පසුව ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තාන ආරක්‍ෂක අංශ ඉලක්කර ගනිමින් එල්ලකළ දරුණුතම ප්‍රහාරය මෙය වන අතර, ඇෆ්ගනිස්ථාන ආරක්‍ෂක ප්‍රධානියා එරට හමුදා ප්‍රධානියා ද වන අතර ප්‍රහාරයට වගකිව යුතු බැවින් ඔහු මෙසේ ඉල්ලා අස්වන්නට ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top